Beijing Foreign Studies University

ක්‍රීඩා අධ්‍යයන අංශය

发布时间:2019-05-10

සිසු සිසුවියන්ට ක්‍රීඩා අධ්‍යයනයට ඉඩ සලසන මෙම අංශය විශ්ව විද්‍යාලයේ ඍජු පාලනය යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙම අංශයත් ඇතුලත්ව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කටයුතු පිළිබඳ අංශයත්, කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගමයේ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ කමිටුව සහ කම්කරු සමිතිය මගින් විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කමිටුව සමන්විත ය. කුලපතිවරයා මෙම කමිටුවේ අධ්‍යක්ෂවරයා වෙයි.

ක්‍රීඩා අධ්‍යයන අංශය විශ්ව විද්‍යාලයේ සමස්ත සිසු සිසුවියන්ගේ ක්‍රීඩා අධ්‍යයනය, විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම්වල පුහුණුව, එම කණ්ඩායම් බාහිර තරගවලට එක් වීම සහ සිසු සිසුවියන්ගේ ශාරීරික තත්ව පරීක්ෂණය පිළිබඳ කටයුතු භාර ගනී. මෙම අංශය විශ්ව විද්‍යාලයේ වෙනත් අංශ සමග එක්ව ක්‍රීඩා ක්‍රියාකාරකම් ද සංවිධාන කරයි.

ක්‍රීඩා අධ්‍යයන අංශයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 16 දෙනෙකි. ඉන් 15 දෙනෙක් ගුරුවරුන්ය. අනතුරුව ක්‍රීඩාංගන සහ ක්‍රීඩාගාරවල නඩත්තුව භාර ගන්නා කම්කරුවන් තුන් දෙනෙක් ද සිටිති. ගුරුවරුන් 5 දෙනෙක් පශ්චාත් උපාධි ලාභින්ය. උප මහචාර්යවරුන් 9 දෙනෙකි. කථිකාචාර්යවරුන් 6 දෙනෙකි. ගුරුවරුන් 6 දෙනෙකුගේ වයස අවුරුදු 40ට අඩුය.

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය ක්‍රීඩා කණ්ඩායම් 11කින් සමන්විතය. පිරිමි පැසිපන්දු ක්‍රීඩා කණ්ඩායම, කාන්තා පැසිපන්දු ක්‍රීඩා කණ්ඩායම, පිරිමි වොලිබෝල් ක්‍රීඩා කණ්ඩායම, කාන්තා වොලිබෝල් ක්‍රීඩා කණ්ඩායම, පිරිමි පාපන්දු ක්‍රීඩා කණ්ඩායම, බැඩ්මින්ටන් ක්‍රීඩා කණ්ඩායම, ටෙනිස් ක්‍රීඩා කණ්ඩායම, ටේබල් ටෙනිස් ක්‍රීඩා කණ්ඩායම, මලලක්‍රීඩා කණ්ඩායම, එරොබික්ස් ව්‍යායාම කණ්ඩායම, පිහිනුම් ක්‍රීඩා කණ්ඩායම ඒ අතරය. මනා ශාරීරික තත්වය සහිත ක්‍රීඩාවලට ලැදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එම කණ්ඩායම්වලට තෝරා ගනු ලබති. ක්‍රීඩා අධ්‍යයන අංශයේ විවිධ ක්‍රීඩා විෂය භාර ගුරුවරු අදාල කණ්ඩායම්වල පුහුණුව භාර ගනිති. චීනයේ විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගවලදී මෙම කණ්ඩායම්වලට ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට හැකි විය.

වසර 2010දී බෙයිජිං නගරයේ විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය, බෙයිජිං නාගරික අධ්‍යාපන කමිටුව සහ චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය මත බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට ඉහල නිපුණතාවක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීමේ සුදුසුකම හිමි විය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව, තරග කටයුතු සහ සංස්කෘතික පාඨමාලාව ක්‍රීඩා අධ්‍යයන අංශය සහ විශ්ව විද්‍යාලයේ ජත්‍යන්තර සම්බන්ධතා පීඨය විසින් ඒකාබද්ධව සිදු කෙරේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC