Beijing Foreign Studies University

ජපන් භාෂා අධ්‍යයන පීඨය

发布时间:2019-05-10

ජපන් භාෂා අධ්‍යයන පීඨය ආරම්භ වූයේ වසර 1956 දීය. වසර 1986 මෙ‍ම පීඨයට ජපාන භාෂා සාහිත්‍ය විෂයේ පශ්චාත් උපාධිය සිසුන් බඳවා ගැනීමේ සුදුසුකම ලැබිණ. ආචාර්ය උපාධි සිසුන් බඳවා ගැනීම වසර 1993 ආරම්භ විය. චීනයේ සහ බෙයිජිං නගරයේ ප්‍රධාන විෂය ධාරාව ලෙස මෙම පීඨයේ ජපන් භාෂා සාහිත්‍ය විෂය ධාරාව නම් කරනු ලැබුවේ 2008 වර්ෂයේදීය.

ජපන් භාෂා අධ්‍යයන පීඨයේ අතිප්‍රවීණ ගුරු මණ්ඩලයක් සිටියි. වෘත්තීය ගුරුවරුන් 22 දෙනෙක් අතරින් මහචාර්යවරුන් තිදෙනෙක්, උප මහචාර්යවරුන් 12 දෙනෙක් සහ කථිකාචාර්යවරුන් 7 දෙනෙකි. ආචාර්ය උපාධිය හිමි ගුරුවරුන්ගේ සංඛ්‍යාව 17ක් වෙයි. පශ්චාත් උපාධිය හිමි ගුරුවරුන් 4 දෙනෙක් ද සිටිති. ජපාන විශේෂඥවරුන් දෙදෙනෙක් සහ ආරාධිත මහචාර්වරුන් දෙදෙනෙක් ද අධ්‍යයන කටයුතුවලට එක් ව සිටිති.

ජපන් භාෂා අධ්‍යයන පීඨය සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 74 දෙනෙක්, පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 20 දෙනෙකු සහ ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 3 හෝ 4 දෙනෙක් වාර්ෂිකව බඳවා ගනී.

සිසුන්ගේ මට්ටමට අනුව සරසවි සිසුන්ගේ අධ්‍යයනය ක්‍රම දෙකකින් සිදු කෙරේ. අධ්‍යයන පසුබිමක් නොමැති සිසුන්ට සහ එබඳු පසුබිම ඇති සිසුන්ට වෙන් වෙන් ව පන්ති ආරම්භ කිරීම විශේෂත්වයකි.

සිසුන්ගේ ජපන් භාෂා හැකියාව වර්ධනය කිරීමට පමණක් නොව, ඔවුන්ගේ මානව සංස්කෘතික නිපුණතාව සහ විෂයික දැනුම් සම්භාරය පුළුල් කිරීමට ද අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් තුන් වන සහ හතර වන වසරේ අධ්‍යයනයට ජපානයේ දේශපාලනය, ආර්ථිකය, සමාජය, සංස්කෘතිය සහ සාහිත්‍යය පිළිබඳ කරුණු ඇතුළත් කර ඇත. එමෙන්ම මෙම පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වාණිජ අධ්‍යයන පීඨය, රාජ්‍යතාන්ත්‍රික කටයුතු අධ්‍යයන පීඨය සහ නීතිමය අධ්‍යයන පීඨයේ සරසවි උපාධි පාඨමාලාවට එක් වී ද්විත්ව උපාධි ලබා ගැනීමේ ඉඩකඩ සලසා තිබේ.

ජපන් භාෂා අධ්‍යයන පීඨය, ජපානයේ වාසෙඩාවිශ්ව විද්‍යාලය(Waseda University) ,කෝ‍ෙබ විශ්ව විද්‍යාලය(KobeUniversity),ඔකායාමා විශ්ව විද්‍යාලය(Okayama University), ගක්ශියුයින් විශ්ව විද්‍යාලය (Gakushuin University), රික්කියෝ විශ්ව විද්‍යාලය (Rikkyo University), අඕයාමා ගකියුයින් විශ්ව විද්‍යාලය (Aoyama Gakuin University), කැන්සයි විශ්ව විද්‍යාලය ( Kansai University), බූන්කියෝ විශ්ව විද්‍යාලය (Bunkyo University), ඩයිටෝ බූන්කා විශ්ව විද්‍යාලය (Daito Bunka University), නගොයා විදේශ භාෂා විශ්ව විද්‍යාලය (Nagoya University of Foreign Studies), නගාසාකි ජුන්ශින් විශ්ව විද්‍යාලය (Nagasaki Junshin University), කෝබි ශොයින් විශ්ව විද්‍යාලය (Kobe Shoin University) සමග සිසුන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. වාර්ෂිකව සිසු සිසුවියන් 26ත් හෝ 28ත් පමණ දෙනෙකුට එම ජපාන විශ්ව විද්‍යාලවල අධ්‍යයනය කිරීමේ අවස්ථා ලබා දී තිබේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC