Beijing Foreign Studies University

යුරෝපීය භාෂා හා සංස්කෘතික පීඨය

发布时间:2019-05-10

යුරෝපීය භාෂා හා සංස්කෘතික පීඨය1954දී ස්ථාපිත කරන ලද යුරෝපීය භාෂා හා සංස්කෘතික පීඨය දැනට සමස්ත යුරෝපයේ ම සාමාන්‍යයෙන් දෛනිකව එතරම් භාවිත නොවන භාෂාවන්ගෙන් යුක්ත වේ.මෙම පීඨයට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ම අංග සම්පූර්ණ මෙන්ම සංවිධානාත්මක විෂයමාලාවක් ද ඇත.දැනට මෙමපීඨයේභාෂා වර්ග23ක් ද ඒ අතරින් භාෂා15ක් උගන්වනු ලබන චීනයේ ඇති එකම පීඨය වශයෙන් හැඳින්විය හැකිය.අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික පර්යේෂණ හා පුහුණු කඳවුරු—–මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය පර්යේෂණ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් යුරෝපීය භාෂාපීඨයේවිශේෂ භාෂා ඉගැන්වීම් පාඨමාලා අධ්‍යයන බලයන් මත රැඳී පවතී.මීට අමතරව විශ්වවිද්‍යාලයේ ෆින්ලන්තය,පෝලන්තය සඳහා පර්යේෂණ මධ්‍යස්ථාන ද ඇති අතර නෝර්ඩික් පර්යේෂණ මධ්‍යස්ථානය සහ වෙනත් පර්යේෂණ ආයතන ද දක්නට ලැබේ. 60වසරක සංවර්ධනයකින් පසු අද දක්නට ලැබෙන යුරෝපීය භාෂා පීඨය යුරෝපීය භාෂාවන් අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානය බවට පත්ව තිබේ.එමෙන්ම එය යුරෝපීය–ජාතික භාෂා හා සංස්කෘතික පර්යේෂණ සංවර්ධනය කිරීමටද චීන–යුරෝපීය අධ්‍යාපනය සහ මානව ශාස්ත්‍ර සංස්කෘතික හුවමාරුවේ වැදගත් සංධිස්ථානයක් බවට ද පත්ව තිබේ.

යුරෝපීය භාෂා පීඨය බෙයිජිං නගරයේ ඇති දර්ශන විශාරද(ආචාර්ය)උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය ලබාදීමේ ප්‍රධානතම ඒකකයකි. 2015වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විටපීඨයේශාස්ත්‍රීය උපාධිය සඳහා සිසුන්409ක් ද ශාස්ත්‍රපති උපාධිය සඳහා සිසුන්24ක් සහ දර්ශන විශාරද උපාධිය සඳහා සිසුන්10දෙනෙකු ද ලියාපදිංචි වී සිටී.යුරෝපීය භාෂා පීඨය ගුණාත්මක හා දැනුමින් පෝෂිත සිසු පිරිසක් බිහිකිරීමට සෑමවිටම අවධානය යොමුකරන අතර ඒ සඳහා බහු සන්නිවේදන ක්‍රම,සාමූහික පුහුණු ක්‍රමවේද සහ සිසු කුසලතා වර්ධන ක්‍රම ද උපයෝගී කරගනී.ශිෂ්‍යයින් ඉගෙන ගන්නා කාල පරිච්ඡේදය තුළ ශක්තිමත් විදේශ භාෂා මූලික දැනුමක පුහුණුවක් සහ ඊට සමගාමීව අදාල රටවලහා ප්‍රදේශවල සංස්කෘතිය,ජාතික තත්වයන් පිළිබඳ දැනුමින් ද පෝෂණය කරනු ලබයි.සිසුන් බහුතරයකට මාස හයක හෝ වසරක කාලසීමාවකට යටත්ව අදාල වූ විදේශ රටකට ගොස් ඉගෙන ගැනීමට ද අවස්ථාවක් උදාවේ.අල්ප වශයෙන් ඉංග්‍රීසි භාෂාව උපයෝගී කරගෙන ද්විත්ව අධ්‍යයනය උපාධි,තෙවන–සිව්වන විදේශ භාෂා,වෛකල්පිත හා වෙනත් ආකාරයේ ඉහළ මට්ටමේ විදේශ භාෂා හැකියා කුසලතා වර්ධනය කිරීමට ද නිරතුරුවම උත්සාහ ගනී.

යුරෝපීය භාෂාපීඨයේදැනට49කින් යුතු කාර්ය මණ්ඩලයක් ඇති අතර ඉන්48ක්ම ගුරු මණ්ඩලය නියෝජනය කරයා.ගුරු මණ්ඩලය මහාචාර්යවරුන්5දෙනෙක් ද(දර්ශන විශාරද උපදේශකවරු4දෙනෙක් ඇතුලුව),සහකාර මහාචාර්යවරුන්13දෙනෙක් ද,දර්ශන විශාරද(ආචාර්ය)උපාධිධාරීන්14දෙනෙකුගෙන් ද සමන්විත වේ.යුරෝපීය භාෂා පීඨය ඉගැන්වීම් හා පර්යේෂණ යන දෙක ම සම සේ වසර ගණනාවක සිට පවත්වාගෙන පැමිණ ඇති අතර සාම්ප්‍රදායික පුහුණු ක්‍රමයෙන් අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබේ.පීඨය විසින් ප්‍රථමයෙන්“නැගෙනහිර යුරෝපය”නමින් සඟරාවක් හා පසුව“යුරෝපීය භාෂා හා සංස්කෘතින් පිළිබඳ පර්යේෂණ“,”යුරෝපීය භාෂා ඉගැන්වීම සහ ඉගෙනීම”යනාදී වෙනත් අධ්‍යයන මුද්‍රිත කලාප හා වලින් යුරෝපීය බහු භාෂා සහ බහු සංස්කෘතික අධ්‍යයන කටයුතු ද ආරම්භ කර ඇත.යුරෝපීය භාෂාපීඨයේගුරුභවතුන් විසින් සකස් කරනලද පාඩම් සටහන්,විමර්ශන පොත් සම්පාදනය කිරීම,සාහිත්‍යය පරිවර්තන,සංස්කෘතික හුවමාරු වැනි අංශ ගණනාවකින් විශිෂ්ට වූ ජයග්‍රහණ මාලාවක් අත්පත් කරගෙන ඇති අතර ලී ජුං,ෆෙන්ග් ජි චෙං,ගුංග් කුං යූ,වාංග් ජුං,දිංග් චාඕ දෙංග් යන ගුරු කණ්ඩායම සියලු ප්‍රශංසා හා සම්මාන දිනා ගෙන ඇත.

සෑම වසරක ම අදාල සෑම රටකින් ම ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් පැමිණෙන අතර යුරෝපීය භාෂා පීඨය චීන–යුරෝපා සන්නිවේදන හුවමාරුවේ වැදගත් කවුළුවක් ලෙස හැඳින්විය හැකිය.යුරෝපීය භාෂා අමුත්තන් කණ්ඩායම් හැඟීමකින් යුක්ත විශිෂ්ට උනන්දුවකින් ක්‍රියා කරන අතර සෑම කාණ්ඩයක්ම අමරණීය මතක සටහනක් තබා යෑමට සමත්විය. පීඨයේවිවිධ විෂයය භාර ගුරුවරුන් එක් අතකින් චීනය පිළිබඳ හඳුන්වා දෙන අතර අනෙක් අතින් යුරෝපීය රටවල් චීනය පිළිබඳ ප්‍රචාරය කිරීමට ද චීනයේ උදාර මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීමට ද කටයුතු කරයි.මෑත කාලයේ දීපීඨයේආචාර්යවරුන් ඕට්වොස් ලෝරන්ඩ් විශ්වවිද්‍යාලීය කොන්ෆියුසියස් ආයතනය,පෝලන්තයේ ක්‍රැකෝව්හි කොන්ෆියුසියස් ආයතනය,බල්ගේරියාවේ සොෆියා විශ්වවිද්‍යාලීය කොන්ෆියුසියස් ආයතනය,චෙකොස්ලොවැකියාවේ පලාකි විශ්වවිද්‍යාලීය කොන්ෆියුසියස් ආයතනය සහ ඉතාලියේ රෝම විශ්වවිද්‍යාලීය කොන්ෆියුසියස් ආයතනවල චීන සංස්කෘතිය ජනප්‍රිය කිරීම සඳහා මහඟු මෙහෙවරක් සිදුකර ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC