Beijing Foreign Studies University

පරිගණක විද්‍යා පීඨය

发布时间:2019-05-10

පරිගණක විද්‍යා පීඨය1990සිට පරිගණක මධ්‍යස්ථානයක් ආරම්භ වූ අතර විශ්වවිද්‍යාලීය පරිගණක පීඨය වසර20කටත් වඩා වැඩි සංවර්ධනයක් සිදු විය. 2009දී පිහිටුවන ලද පරිගණක විද්‍යා පීඨයට පරිගණක විද්‍යා හා තාක්ෂණය විෂයයන් සඳහා ආධුනිකයින් බඳවා ගැනීම ආරම්භ කරන ලදී.බෙයිජිං විදේශ භාෂා විදේශවිද්‍යාලය පරිගණක විද්‍යා පීඨය එහි ආරම්භයේ සිටම ඉතාමත් සුපරික්ෂාකාරී වූ නිසි පාලනයකින් ද ප්‍රායෝගික ශෛලියකට කැප වූ ද විශ්වාසනීය විශේෂිත ලක්ෂණයන් හා නව්‍ය වූ සංකල්පීයමය ක්‍රමවේදයන්ට අනුව ද ක්‍රියාකරයි.එමෙන්ම විවිධ වූ කුසලතාවන්ගෙන් ද පරිපූර්ණ,ධනාත්මක ගවේෂණශීලී හා ගෝලීය දැක්මකින් යුතුව පුහුණු කරන අතර ඉහළ මට්ටමකින් යුතු පරිගණක වෘත්තිකයන් සංවර්ධනය කිරීමට ද කැප වී සිටි.

පරිගණක විද්‍යාපීඨයේදැනට ගුරුවරුන්11දෙනෙක් සේවයේ නියුක්ත අතර ඔවුන් විවිධ වූ වයස් කාණ්ඩ සහ ශ්‍රේණිවලට අයත් වේ.ඒ අතරින් වැඩිදෙනා දර්ශන විශාරද(ආචාර්ය)උපාධි ධාරීන්ගුරු හෝ ජ්‍යෙෂ්ඨ වෘත්තීයමය තාක්ෂණවේදී දැනුමින් පිරිපුන් ගුරුවරුන් වේ.පසුගිය පස් වසර තුළ පරිගණක විද්‍යාපීඨයේගුරුවරුන් ජාතික ස්වාභාවික විද්‍යා ව්‍යාපෘති2ක්ද,ජාතික සමාජ විද්‍යා අරමුදල ව්‍යාපෘති2ක්ද,නාගරික පළාත් දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති6ක් සහ දේශීය ද විදේශීය වාර සඟරා,ජාත්‍යන්තර සමුළු ඇතුලු වෙනත් ප්‍රකාශිත නිබන්ධන සහSCI, EI ,CSSCIමුද්‍රණයේ නිබන්ධන26ක් ද නිකුත්කර තිබේ.

පරිගණක විද්‍යාව හා තාක්ෂණ විෂය ක්ෂේත්‍ර පද්ධතීන් මනාව පුහුණු කිරීමෙන් පරිගණක මෘදුකාංග සහ දෘඩාංගයෙදුම්වල භාවිතවන මූලික සිද්ධාන්ත සහ මූලික කුසලතා,විදේශ භාෂාකුසලතා,ව්‍යාපාර හා පරිගණක තාක්ෂණයේ මනා සබඳතාව,තොරතුරු තාක්ෂණය සහ ආර්ථික ගෝලීයකරණයේ වේගවත් සංවර්ධනය ග්‍රහණය කරගැනීමට හැකියාව ලැබෙන අතර ඉහළ විදේශීය භාෂා කුසලතාවලින් හෙබි ජාත්‍යන්තරික පරිගණක විද්‍යා දක්ෂතාවන් වර්ධනයටද මනා පිටිවහලක් වනු ඇත.

මෙම විෂය සඳහා වාර්ෂිකව එක් පන්තියකට සිසුන් බඳවා ගනු ලබයි.දැනට ශාස්ත්‍රීය උපාධි අපේක්ෂකයින්93දෙනෙක් අධ්‍යාපනය ලබන අතර ඔවුන් විවිධ තරඟ වලට ඉදිරිපත් වී කැපී පෙනෙන දක්ෂතා පෙන්වා ඇත.චීනයේ අන්තර් විශ්වවිද්‍යාලීය සිසුන් අතර පැවති“අභියෝගතා කුසලානයේ”බාහිර විෂය අධ්‍යයන තාක්ෂණ විද්‍යා ශිල්ප තරඟයෙන් දෙවන ස්ථානය එක්වරක් ද බෙයිජිං මහ නගර සභාවේ ගෞරව සම්මානය කිහිපවතාවක් ද චීනයේ විශ්වවිද්‍යාල සිසුන් අතර පැවති පරිගණක මෝස්තර තරඟයෙන් ප්‍රථම ස්ථානය ද ඇමරිකානු ගණිත ආකෘති නිර්මාණ තරඟවලට සහභාගී වී සම්මාන රාශියක් ද දිනාගෙන ඇත.සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා ඉහළ මට්ටක පවතින අතර සිසුන් වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා විභාගයේ4වන ශ්‍රේණිය සමත් අතර සිසුන් භාගයකටත් වැඩි පිරිසක් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා විභාගයේ6වන ශ්‍රේණිය සමත්ය.උපාධිය ලබාගත් සිසුන් අතුරින් තුනෙන් එකකට ආසන්න පිරිසක් ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය,ඇමරිකාවේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලය,බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ආදියට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වන අතර තවත් තුනෙන් එකකට ආසන්න පිරිසක් ෂිංහුවා විශ්ව විද්‍යාලය,බෙයිජිං විශ්වවිද්‍යාලය,බෙයිජිං තාක්ෂණ විශ්වවිද්‍යාලය ඇතුලු දේශීය විශ්වවිද්‍යාල වලට ඇතුලත් වේ.ඉතිරි තුනෙන් එකක් පමණ ශිෂ්‍යයින් බැංකු ආයතන,රාජ්‍ය ආයතන,තොරතුරු තාක්ෂණ සමාගම් ආදී සෘජු රැකියා ක්ෂේත්‍රවල නියැලෙයි.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC