Beijing Foreign Studies University

ජාත්‍යන්තර පුවත්පත් කලාව හා සන්නිවේදන පීඨය

发布时间:2019-05-10

බෙයිජිං විදේශ භාෂා විශ්විද්‍යාලයේජාත්‍යන්තර පුවත්පත් කලාව හා සන්නිවේදන පීඨය2014දී ආරම්භ විය.මෙම පීඨයේ පුරෝගාමි ආයතනය වන්නේ ඉංග්‍රීසි භාෂාව හා ජාත්‍යන්තර අධ්‍යයන පීඨය යටතේ පැවතුණජාත්‍යන්තර පුවත්පත් කලාව හා සන්නිවේදන දෙපාර්තමේන්තුව යි.

මෙම පීඨයේ ඉංග්‍රීසි නාමය“School of International Journalism and Communication”වන අතර ‍කෙටියෙන් හදුන්වනු ලබන්නේ“SIJC”වශයෙනි.එහි අර්ථය වන්නේSelf-discipline (ආත්ම සංයමය), Independence (ස්වාධීනත්වය) , Justice (යුක්තිය), Cooperation (සහයෝගිතාව)ය.එයජාත්‍යන්තර පුවත්පත් කලාව හා සන්නිවේදන පීඨයේ ආදර්ශ පාඨය ද වේ.

මෙම පීඨය විදේශ භාෂා සහ සාහිත්‍ය,පුවත්පත් සන්නිවේදන විද්‍යාව යන දෙක ‍ඓන්ද්‍රීය වශයෙන් සංයෝග වීමෙන් හා සම්ප්‍රදායික නොවන නූතන ඉගැන්වීමේ රටාවකින් වර්තමාන සමාජයට දැඩි හිඟ වන බහු භාෂා සහ බහු විෂයන් පිළිබඳ දැනුමින් යුක්තජාත්‍යන්තර පුවත්පත් කලාව හා සන්නිවේදනය පිළිබඳ මනා දැනුමක් ඇති විද්‍යාර්ථින් බිහි කරයි.එකී විද්‍යාර්ථින්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක්,ඊට අමතර ව වෙනත් විදේශ භාෂාවක් පිළිබද දැනුමක්,විවිධ විෂයයන් පිළිබඳ පුළුල් දැනුම් සහ හැකියාව ඇත.

මෙම පීඨය පූර්ණ කාලීන ආචාර්යවරුන්13දෙනෙකුගෙන් සමන්විතය.එහි මහාචාර්යවරුන්4දෙනෙක් ද සහාය මහාචාර්යවරුන්2දෙනෙක් ද ඇතුළත් වේ.මින්12දෙනෙකුට දර්ශන විශාරදඋපාධිධාරීන් ය.එසේ ම දෙස් විදෙස් රටවල ප්‍රශස්ත බුද්ධිමතුන්,මාධ්‍ය විශේෂඥයන් සහ ප්‍රවීන පත්‍රකලාවේදීන් මෙම පීඨයේ ආරාධිත දේශකයන් හෝ මහාචාර්වරුන් ලෙස පත් කොට ඇත.දැනට මෙම පීඨයේ විදේශ පීඨාධිපතිවරයෙක් ද සිටියි.

වර්තමානයෙහි මෙම පීඨයේ ප්‍රථම උපාධි අපේක්ෂකයින්200ක් පමණ ද පශ්චාත් උපාධි අපේක්ෂකයින්60පමණ ද සිටින අතර2016වර්ෂයේ සිට දර්ශන විශාරද උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ කොට ඇත.

මෙම පීඨය මගින් ප්‍රථම උපාධිය,පශ්චාත් උපාධිය සහ දර්ශන විශාරද උපාධිය ප්‍රදානය කරයි.ප්‍රථම උපාධිය සඳහා පුවත්පත් කලා විෂය(ජාත්‍යන්තර පුවත්පත් විෂය)සහ උපාය මාර්ගික සන්නිවේදන විෂය ද පශ්චාත් උපාධිය සඳහා පුවත්පත් කලා විෂය(ජාත්‍යන්තර පුවත්පත් විෂය)සහ සන්නිවේදන විෂය(ජාත්‍යන්තර සන්නිවේදන විෂය)ද දර්ශන විශාරද උපාධිය සඳහා අන්තර් සංස්කෘතික සන්නිවේදන, ජාත්‍යන්තර පුවත්පත්,උපාය මාර්ගික සන්නිවේදන සහ මව්බස හා සන්නිවේදන යන විෂයයන් හතරක් අන්තර්ගත වේ.

මෙම පීඨයේ අධ්‍යයන කේන්ද්‍ර තුනක් සහ පර්යේෂණ ආයතනයක් ද ඇත.එනම් ජාත්‍යන්තර පුවත්පත් අධ්‍යයන කේන්ද්‍රය,ජාත්‍යන්තර සන්නිවේදන අධ්‍යයන කේන්ද්‍රය,මාධ්‍ය ආචාරධර්ම සහ නීති පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය යන අධ්‍යයන කේන්ද්‍ර හා ඓතිහාසික භාෂා සහ උපාය මාර්ගික සන්නිවේදන පර්යේෂණ ආයතනය ලෙස දැක්විය හැකි ය.

ප්‍රථම උපාධි පාඨමාලාව ඉංග්‍රීසි භාෂාව,පුවත්පත් සහ සන්නිවේදනය,රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා,සංස්කෘතික සහ දේශපාලන විද්‍යාව යන විෂයන් පිළිබඳ පාඩම් මාලාවලින් සමන්විත වේ.සිසුන් අට‍‍වෙනි විශේෂවේදී ඉංග්‍රීසි පරීක්ෂණයෙන් සමත් විය යුතු වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් සිය උපාධි නිබන්ධනය රචනා කළ යුතු ය.මෙම පීඨයේ90%කට වඩා වැඩි පාඨමාලා උගන්වනු ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.එයින් සිසුන්ට පුවත්පත් සන්නිවේදනය පිළිබඳ දැනුමක් ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශ්‍රවණය,කථනය,රචනය,කියවීම සහ පරිවර්තනය යන හැකියාවන් ලැබෙනු ඇත.සිසුන්ට තුන්වෙනි විදේශ භාෂාවක් සහ ප්‍රධාන විෂයට අමතර තවත් විෂයක් හැදෑරීමේ අවස්ථාවක් උදා වනු ඇත.

මෙම පීඨයේ සිසුන් විසින් මාධ්‍ය ජාලයක් බිහි කරනු ඇත.එසේ ම ෂීන් හුවා පුවත්පත් ආයතනය,චීන දිනපතා පුවත්පත,චීන ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය,චීන මධ්‍යම රූපවාහිනිය යන ආයතනවල පුහුණුව ලබාගැනීමට සිසුන්ට අවස්ථාව පීඨය මගින් ම සලසා දෙනු ලැබේ.

මෙම පීඨය ඇමෙරිකාව,එංගලන්තය,ඔස්ට්‍රෙලියාව,නවසීලන්තය,ඔස්ට්‍රියාව යන ර‍ටවල පළමු පෙළේ විශ්වවිද්‍යාල සමග සමීප ව සහයෝගයෙන් කටයුතු කරනු ලැබේ.

ජාත්‍යන්තර පුවත්පත් කලාව හා සන්නිවේදන පීඨයේ සිසුන්ට පුවත්පත් කලාව සහ සන්නිවේදනය විෂය පිළිබඳ මනා අධ්‍යයනයක් ලැබෙන අතර එය ඉහළ රැකියාවක් ලබාගැනීමට උපකාර වේ. එසේ ම උසස් මට්ටමේ විදේශ භාෂා අධ්‍යයනයක් ලැබීම නිසා සිසුන්ට ලෝකයට ප්‍රවේශ වීමට එයින් දොරටු විවර වනු ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC