Beijing Foreign Studies University

කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන තොරතුරු සම්පත් ගොඩනැගීමේ සම්මන්ත්‍රණය BFSU හි පැවැත්වේ

发布时间:2023-03-29

මාර්තු මස 18 වන දින චීනයේ, කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන ප්‍රජාව (Consortium for Country and Area Studies) විසින් සංවිධානය කරන ලද කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන තොරතුරු සම්පත් ගොඩනැගීමේ සම්මන්ත්‍රණය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දී මාර්ගගත සහ සහභාගිත් පවත්වන ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති සහ විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති Yang Dan මහතා මෙම සම්මන්ත්‍රණයට සහභාගී විය.

බෙයිජිං විශ්වවිද්‍යාලය, චීන රෙන්මින් විශ්වවිද්‍යාලය, ඊසානදිග නොර්මල් විශ්වවිද්‍යාලය, බෙයිජිං භාෂා සහ සංස්කෘතික විශ්වවිද්‍යාලය, ෂෙජ්‍යාං නොර්මල් විශ්වවිද්‍යාලය, ගුවැන්සි රෙන්මින් විශ්වවිද්‍යාලය, යුනාන් විශ්වවිද්‍යාලය, ටිබෙට් විශ්වවිද්‍යාලය, විදේශ කටයුතු විද්‍යාලය, චීන දේශපාලන හා නීති විශ්වවිද්‍යාලය, ෂින්ජියැං විශ්වවිද්‍යාලය, චීන සන්නිවේදන විශ්වවිද්‍යාලය, චීන මින්සු විශ්වවිද්‍යාලය, ගුවැන්ඩොං විදේශ භාෂා විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර ආර්ථික විශ්වවිද්‍යාලය, බෙයිජිං ජාත්‍යන්තර අධ්‍යයන විශ්වවිද්‍යාලය, ගුවැන්ග්සි විශ්වවිද්‍යාලය සහ අභ්‍යන්තර මොංගෝලියා විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල 34 කලාපය සහ රට පිළිබඳ අධ්‍යයනයන්හි යෙදෙන විද්වතුන් 96 දෙනෙකු මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූහ. ඔවුහු කලාපය සහ රට පිළිබඳ අධ්‍යයන තොරතුරු සම්පත් ගොඩනැගීමේ සංකල්පය, මාර්ගය සහ සැලසුම් කිරීම පිළිබඳ ගැඹුරු සාකච්ඡා පැවැත්වූහ.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC