Beijing Foreign Studies University

“සින්ජියෑන් හොඳ තැනක්” බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ විශේෂ වීඩියෝ ප්‍රදර්ශනය පවත්වන ලදී

发布时间:2021-11-29

2021 වසරේ නොවැම්බර් මස 19වන දින විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ සින්ජියෑන් උයිගර ස්වයං පාලන කලාපය හා ඒක්ව “සින්ජියෑන් හොඳ තැනක්” නමැති වීඩියෝ ප්‍රදර්ශනය පවත්වන ලදී. මෙම ප්‍රදර්ශනය ‌බෙයිජං සහ ඌරුමුචි නගර විසින් සමගාමීව පවත්වන ලදී. රුසියාව, පකිස්ථානය, දකුණු කොරියාව ඇතුළුව රටවල් 30කට අයත් විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු විදේශ ගුරුවරු සහ සිසුහු වීඩියෝ ඔස්සේ මෙයට සහභාගී වූහ. සින්ජියෑන් චාරිත්‍ර වාරිත්‍ර, ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව තොරතුරු මීට ඇතුළත්ව තිබිණ.

ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමාජ සුසංයෝගී බව සංවර්ධනය සඳහා මනා ස්ථානයකි. එය ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපායන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ද උචිත ස්ථානයකි. එසේම ආගමික විශ්වාසයන් සහ සංස්කෘතික හුවමාරු නිදහස පවත්වාගෙන යාම සඳහා ද එය මනා ස්ථානයකි. මෙම වීඩියෝ මාධ්‍ය වැඩසටහන මගින් සින්ජියෑන්හි සැබෑ තත්ත්වය පිළිබඳව බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ විදේශීය ගුරුවරුන් සහ සිසුන්ගේ අවබෝධය තවදුරටත් ගැඹුරු කරනු ඇතැයි විශ්වාස කෙරේ බව මෙම විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂයේ උප ලේකම්වරු සහ උප අධ්‍යක්ෂක Jia Wenjian ප්‍රකාශ කරන ලදී.

වීඩියෝ ප්‍රදර්ශන වැඩසටහන ඉතා අර්ථාන්විත වූ බව මීට සහභාගි වූ විදේශීය ගුරුවරුන් සහ ජාත්‍යන්තර සිසුහු ප්‍රකාශ කළහ. මෙහිදී ආචාර්යවරුන් මෙන්ම සිසුහු ද සින්ජියෑන් වාර්ශික සුළුතර සංස්කෘතිය සංචාරක කර්මාන්තය සහ අධ්‍යාපනික සංවර්ධනය පිළිබඳව තම අදහස් හුවමාරු කරගත්හ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC