Beijing Foreign Studies University

හැඳින්වීම

发布时间:2019-05-13

අධ්‍යාපන පද්ධතිය හා වාර කාල සටහන

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වර්ෂය වාර දෙකකට බෙදා තිබෙන අතර ඒවා වසන්ත හා සරත් ලෙස නම් කොට තිබේ. අධ්‍යයන වර්ෂය පටන් ගන්නේ සරත් වාරයේදීය. එය සැප්තැම්බර් මුල සිට ඊළග වර්ෂයෙහි ජනවාරි මැද දක්වා පවති. වසන්ත වාරය වන්නේ පෙබරවාරි අග සිට ජූලි මැද දක්වා කාලයයි. සෑම වසරකම නිවාඩු දෙකක් ඇත. එනම් ග්‍රීෂ්ම ඍතු හා ශීත ඍතු නිවාඩු යනුවෙනි. ග්‍රීෂ්ම ඍතු නිවාඩුව ජූලි සහ අගෝස්තු මාසවල ද ශීත ඍතු නිවාඩුව මීට වඩා කෙටි වන අතර එය සති 4ක් පමණ වේ. ශීත ඍතු නිවාඩුව චීන අලුත් අවුරුදු සමයට සම්බන්ධ වේ. ශ්‍රීෂ්ම ඍතු හා ශීත ඍතු නිවාඩුවල කෙටි කාලීන චීන භාෂා පාඨමාලා පවත්වනු ලැබේ.

උපාධි පාඨමාලා

1. ප්‍රථම උපාධි අපේක්ෂකයින් වර්ෂ 4ක් ඉගෙන ගත යුතු ය. මෙහිදී උපාධිය ලබා ගැනීමට අවශ්‍ය සියලු අධ්‍යයන පාඨමාලා කොටස් සම්පූර්ණ කර, උපාධි නිබන්ධනයක් ද රචනා කොට වාචික පරීක්ෂණයෙන් ද සමත් විය යුතුය.

2. ශාස්ත්‍රපති උපාධි අපේක්ෂකයින් හදාරන විෂය අනුව වර්ෂ 2-3ක් ඉගෙන ගත යුතු ය. විදේශ සිසුන් චීන සිසුන් සමග එකට අධ්‍යාපනය ලැබිය යුතුය. උපාධි පාඨමාලාවට අවශ්‍ය සම්භාර ප්‍රමාණය ද ලබා ගෙන උපාධි නිබන්ධනක් ද රචනා කොට වාචික පරීක්ෂණයෙන් ද සමත් වීමෙන් පසුව ශාස්ත්‍රපති උපාධිය ප්‍රදානය කරනු ලැබේ.

3. දර්ශන විශාරද උපාධි අපේක්ෂකයින් වර්ෂ 3ක් ඉගෙන ගත යුතු ය. එයට අදාළ පර්යේෂණ කටයුතු අවසන් කොට පාඨමාලාවට අවශ්‍ය සම්භාර ප්‍රමාණය ද ලබා ගෙන උපාධි නිබන්ධනක් ද රචනා කොට වාචික පරීක්ෂණයෙන් ද සමත් වීමෙන් පසුව දර්ශන විශාරද උපාධිය ප්‍රදානය කරනු ලැබේ.

උපාධි නොවන පාඨමාලා

1. උපාධි නොවන පාඨමාලා හදාරන සිසුන්: මේ සඳහා මාස 6-12ක් අතර කාලයක් ඉගෙන ගත යුතු වන අතර අවශ්‍ය වන්නේ නම් කාලය දීර්ඝ කර ගත හැකිය. චීන භාෂාව හෝ වෙනත් විෂයන් හදාරන සිසුන් පාඨමාලා අවසන් කිරීමෙන් අනතුරුව පරීක්ෂණයෙන් සමත් වූ පසුව සහතිකයක් නිකුත් කරනු ලැබේ.

2. කෙටි කාලීන පාඨමාලා හදාරන සිසුන්: වර්තමානයෙහි කෙටි කාලීන පාඨමාලාව වශයෙන් ඇත්තේ චීන භාෂාව පාඨමාලා පමණි. චීනයෙහි කෙටි කාලසීමාවක් තුළ චීන භාෂාව සහ චීන සංස්කෘතිය හැදෑරීමට කැමැත්තක් දක්වන සිසුන්ට මෙය අයදුම් කළ හැකිය. ශ්‍රීෂ්ම ඍතු නිවාඩුවෙහි සති 8ක් හෝ4ක් හෝ 3ක් හෝ වැනි කාල සීමාවක් තුළ මෙම පාඨමාලා උගන්වනු ලැබේ. ශීත ඍතු නිවාඩුවෙහි සති4ක් පාඨමාලාව උගන්වනු ලැබේ (අපට ලැබෙන අයදුම් පත අනුව). සඳුදා සිට සිකුරාදා දක්වා උදේ කාලයේදී චීන භාෂාවට සවස් කාලයේදී චීන සංස්කෘතිය ද උගන්වනු ලැබේ. සෑම සතියකම බෙයිජිං නගරය නැරඹීමේ චාරිකාවක් සංවිධානය කෙරේ. බෙයිජිං විදේශ භාෂා විශවවිද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව විදේශීය සිසු හැඳුනුම් පතක් ලැබෙන අතර අදාළ පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව සහතිකයක් පිරිනැමේ.

අයදුම් කිරීම හා එහි ක්‍රමවේදය

1.අයදුම් කිරීම: අයදුම්පත් භාර ගැනීමේ කාලය තුළ අයදුම්කරවන්, ගමන් බලපත්‍ර හා අනෙකුත් අවශ්‍ය සහතික පත්http://study.bfsu.edu.cnයන වෙබ් අඩවියට ඉදිරිපත් කළ යුතුය. සරත් ඍතුවේ පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අප්‍රේල් මැද සිට ජූනි මුල දක්වා අයදුම් පත් ඉදිරිපත් කළ හැකි අතර වසන්ත ඍතුවේ පාඨමාලාවට ඇතුළත් වීම සඳහා ඔක්තොම්බර් මැද සිට ඊළඟ වසරේ ජනවාරි මුල දක්වා අයදුම් කළ යුතුය. එම කාල සීමාව තුළ ඔබගේ අයදුම්පත් පරික්ෂා කරන අතර වෙනත් අතීරේක ලියවිලි අවශ්‍ය වුවහොත් එය ඉදිරිපත් කරන ලෙස ඔබට දැනුම් දෙනු ඇත. එසේම එයට සම්බන්ධ අවශ්‍ය පරීක්ෂණ ද පවත්වනු ඇත. ඔබගේ අයදුම් පත පිළිබඳ ප්‍රගතිය අදාළ වෙබ් අඩවියෙන් දැන ගත හැකිය.

2.බඳවාගැනීම: ඔබ බඳවා ගත් පසු, බඳවා ගැනීම සදහන් වන ලිපිය ද විදේශ සිසුන්ට විසා බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පතක් ( JW202 අයදුම්පත ) ද නව සිසුන්ට පිළිගැනීමේ ලිපියක් ද ඉතා ඉක්මණින් ඔබට එවන අතර ඒ සඳහා සති 4-5ක් කාලයක් ගත වනු ඇත.

නේවාසික පහසුකම්

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විදේශ සිසුන්ට සිය අභිමතය පරිදි අදාළ නේවාසික පහසුකම් සපයනු ලැබේ.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නවාතැන් ගැනීමට අකමැති නම්, බඳවා ගැනීමට පෙර ඔබගේ නවාතැන් පහසුකම් ඔබ විසින් ම සලසා ගත යුතුය. එසේම ඒ සඳහා ගෙහිමියා සමග පොලීසියෙන් නවාතැන් පහසුකම් ලබාගැනීම සම්බන්ධ සහතිකපත ද ලබාගත යුතුය. බඳවා ගැනීමේ අවස්ථාවේදී ලියා පදිංචිය ආදි සියලු කටයුතු සිදුවන්නේ මෙම සහතිකපත ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ගාස්තු

පාඨපාලා

අධ්‍යාපන ස්ථර

ගාස්තු

ලි.ප.ගාස්තු





උපාධි පාඨපාලා




චීන භාෂා පාඨපාලා

ප්‍රථම උපාධි අපේක්ෂකයින්

වාරයකට චීන යුවන්12150කි

වර්ෂයකට චීන යුවන්22150කි

චීන යුවන්400කි


ශාස්ත්‍රපතිඋපාධි අපේක්ෂකයින්

වර්ෂයකට චීන යුවන්27000කි

චීන යුවන්800කි

චීන භාෂා නොවන පාඨපාලා

උපාධි අපේක්ෂකයින්

වර්ෂයකට චීන යුවන්26000කි

චීන යුවන්800කි


ශාස්ත්‍රපතිඋපාධි අපේක්ෂකයින්

වර්ෂයකට චීන යුවන්27150කි

චීන යුවන්800කි


පරිවර්තනය හා අර්ථ නිරූපණය පශ්චාත්

උපාධි පීඨයේ ශාස්ත්‍රපති උපාධි අපේක්ෂකයින්

වර්ෂයකට චීන යුවන්30000කි

චීන යුවන්800කි


දර්ශන විශාරද උපාධි අපේක්ෂකයින්

වර්ෂයකට චීන යුවන්34000කි

චීන යුවන්800කි

උපාධි නොවනපාඨපාලා




චීන භාෂාපාඨපාලා

උපාධි අපේක්ෂකයින් නොවන සිසුන්A

වාරයකට චීන යුවන්11150කි

වර්ෂයකට චීන යුවන්21150කි

චීන යුවන්400කි

WELCOME TO OUR BFSU

ONLINE REGISTRATION

it doesn't take a genius to start and also can become the best person

CLICK HERE

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC